මම ගීත ගායනා කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් -අජිත් මුතුකුමාරණ

http://3.bp.blogspot.com/-oXETDyDpj3k/TVvxiQfkXxI/AAAAAAAAAp4/SferwkcrYWA/s320/0000139_300.jpeg  
http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif

අජිත් සින්දු කියන්නේ කාටද ...?
අහන කට්ටියට.


කවුද ඒ අහන කට්ටිය ...?
සාමාන්‍ය ජනතාව. ඒ කිව්වේ පීඩිත පන්තිය.


ඒ පන්තියට සින්දු අහන්න වෙලාවක් තියෙනවාද ...?
99%ක් අහන්නේ එයාලා විතරයි. ලංකාවේ වැඩිපුරම ඉන්නෙත් බැරි පන්තිය. ආදරයෙන් දුක්විඳින්නේ, ආර්ථිකයෙන් දුක් විඳින්නේ, හැම දුකක්ම විඳින්නේ පීඩිත පන්තිය.
ඒ අය තමයි අපිව කැච් කරන්නේ. බස් එකේ යන ගමන්, ත්‍රීවීල් එකේ යන ගමන්, ලොතරැයි බෝඩ් එකේ ලොතරැයියක් ගන්න ගමන් සාමාන්‍ය විධියට ඇහෙන සින්දු තමයි මම කියන්නේ.


ප්‍රවීණයෝ කියන අයට ගරු කරනවාද ...?
මොනවා හරි විශේෂත්වයක් තියෙනවා නම් ගරු කරනවා. ඇත්තම කියනවා නම් මම තනියම ආපු නිසා මට ප්‍රවීණයෙක් නෑ. මට මියුසික් කියලා දුන්න ගුරුන්නාන්සෙට ගරු කරනවා සීයට දෙසීයක්. ඒ ඇරෙන්න මට විශේෂයෙන් ගරු කරන්න ප්‍රවීණයෝ නෑ.


හැමදාමත් ප්‍රවීණයන් ඔයාලගේ පරපුරට ඇඟිල්ල දිගු කරනවා. දැන් අජිත් කරන්නේ ප්‍රවීණයන්ට ඇඟිල්ල දිගු කරන එකද ...?
නව පරපුරේ අය විතරයිනේ දැන් ඉස්සරහින් ඉන්නේ. අලුතෙන් සින්දුවක් නිර්මාණය කරන්නෙවත් නැති අයට ප්‍රවීණයෝ කියන්න පුළුවන්ද...? මාසයකට දෙකකට සැරයක්වත් නිර්මාණයක් කරන තමන්ගේ ශ්‍රාවකයෝ අමතක වෙන්නේ නැති අය තමයි ප්‍රවීණයෝ.


ඒත් ඔවුන්ගේ ගීත දීර්ඝ කාලයක් ජීවමානව පවතිනවා ...?
ජීවමානයි තමයි. ඒත් කලානුරූපව වෙනස් වෙනවා. අද ඉන්න තරුණයෝ ගොඩක් දෙනා පරණ සින්දු දන්නෙවත් නෑ.


මල් සින්දු කියලා සින්දු වර්ගීකරණය කරන්න පුළුවන්ද ...?
මලක් කියන්නේ සාමාන්‍යයෙන් ආදරයකට, කෙල්ලකුට සමාන කරන්න පුළුවන් දෙයක්. මලක්, මූද... වගේ ලස්සන දේවල් අපි කෙහොමත් ටාගට් කරනවා.


ඒත් මල් සින්දු කියන්නේ බාල සින්දුවලට ...?
එහෙම බාලයි කියලා වර්ග කරන්න බෑ. අපි ඉපදෙන්නත් ඉස්සර ඉඳලම බාල සින්දු කියලා තියෙනවා.


සුභාවිත ගීතය කියන්නේ මොකක්ද ...?
සුභාවිත කියන වචනය හරියට මට පැහැදිලි කරන්න පුළුවන්ද...? හොඳ කියන දේ මට ඒ තරම් පැහැදිලි නෑ. හොඳ ගීත කියන එක කවුද වර්ගීකරණය කරන්නේ.


ඒ කියන්නේ හොඳ ගීත නැද්ද ...?
සාමාන්‍යයෙන් අසභ්‍ය වචන තියෙනවා නම් නරකයි කියන්න පුළුවන්. ඒ ඇරෙන්න හොඳ කියලා ලේබල් ගහලා නෑ.


රිඟින් ටෝන්වලින් මාසෙකට කොච්චර හම්බ කරනවාද ...?
මම නම් සතයක්වත් හම්බ කරන්නේ නෑ.


ඒ වුණාට අජිත්ගේ සින්දු රිඟින්ටෝන්වල තියෙනවා ...?
අපි වපුරලා ඕනනේ කපන්න. ඉතින් මං වෙනුවෙන් වියදම් කරපු ආයතන, ඒ මහත්තුරු මගේ ගීතවලින් සල්ලි හොයනවා නම් ඒක මට ගැටලුවක් නෙවෙයි.


ගායකයාට හිමිවිය යුතු කොටස අහිමි වෙනවට දුක නැද්ද ...?
මට හිමි කොටස ඇගි්‍රමන්ට්වලින් මුලදිම අරගෙන ඉවරයි. දිනපතා ආදායමක් නොලැබුණත් සාමාන්‍ය මිනිස්සු වන අපිව අසාමාන්‍ය මිනිස්සු කළේ ඔවුන්. ඒ නිසා මගේ ගීතවලින් සල්ලි හොයන අය ගැන මට සතුටුයි. ආඩම්බරයි.


සුනිල් ආරියරත්න මහාචාර්යවරයාට කියලා ගීතයක් ලියවගන්න අදහසක් නැද්ද ...?
එහෙම බලාපොරොත්තුවක් හිතේ තිබුණත් ඒක කරගන්න අවස්ථාවක් නෑ.


සුනිල් ආරියරත්න මහාචාර්යවරයා අජිත් මුතුකුමාරණට ගීතයක් ලියයි කියලා හිතනවාද ...?
මට ඉතින් ලිව්වත් එකයි නැතත් එකයි. මට සින්දු ලියන කෙනා වැදගත් නෑ. මට වැදගත් මම ගීතය ගායනා කිරීම පමණයි.


මගී ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා බස්වල යන්න බෑ කන්දොස්කිරියාවයි කියලා ...?
කොන්‍ෙදාස්තර මහත්තයා සහ ඩ්‍රයිවර් මහත්තයා දන්නවා මිනිස්සු කැමැති ගීත මොනවද කියලා. කාටහරි ඒ ගීත අහන් ඉන්න බැරිනම් කොන්‍ෙදාස්තර මහත්තයට කිව්වම සෙට් එක ඕෆ් කරාවි.


එක දිගට සී. ඩී. නිකුත් කළ පමණින් ගායකයෙක් වන්න පුළුවන්ද ...?
සී. ඩී. කළ පළියට නම් බෑ. හැබැයි රසිකයෝ සින්දු අහන තරමට ගායකයෙක් වන්න පුළුවන්.

උපුටා ගෑනිම -මව්බිම


Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN