
නෙළාගන්නට දුර වැඩියි
නුඹව මට නෙළුමේ
කඳුළු වැගිරෙන නෙත් අයාගෙන
විල් තෙරේ හිඳිමී
අහස උසකට තැනූ මාලිග
විසිරිලා වැටුණි
ඒ නමුදු බිඳ වැටුණ නටබුන්
සිහිනයෙන් දකිමී
සිහිනයෙන් දකිමී
සීතලම රැය අහස කෙළවර
තරු රැසක් පිපුණී
රැයක කිසි ලෙස නෙළුම් නොපිපෙන
බව ඉතින් දනිමී
තරු කඩා හැලුණී
නුඹව මට නෙළුමේ
කඳුළු වැගිරෙන නෙත් අයාගෙන
විල් තෙරේ හිඳිමී
අහස උසකට තැනූ මාලිග
විසිරිලා වැටුණි
ඒ නමුදු බිඳ වැටුණ නටබුන්
සිහිනයෙන් දකිමී
සිහිනයෙන් දකිමී
සීතලම රැය අහස කෙළවර
තරු රැසක් පිපුණී
රැයක කිසි ලෙස නෙළුම් නොපිපෙන
බව ඉතින් දනිමී
තරු කඩා හැලුණී
පද රචනය - අනුරාධ ජයසිංහ
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - දර්ශන ප්රමෝද්
Post a Comment