මියුරු හඬින් තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත්තු ප්‍රින්ස් දැන් ඉන්නේ රෝහලේ ඇඳක

ඒ කාලේ ඉඳලා වර්තමානය දක්වා අපේ රටේ තරුණ තරුණියන්ගේ සිත් ආදරයෙන් පිරවූ ප්‍රවීන ගායකයෙක් තමයි ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන්නේ. එවැනි වූ ප්‍රවීන ගායකයෙකු මේ වන විට ඉන්නේ රෝහලක ඇඳක් මතයි.
උණ රෝගයක් නිසා  පහුගිය දෙසැම්බර් 17 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් වුන ප්‍රින්ස් සතියක් විතර දැඩි සත්කාර ඒකකයේ හිටියා කියලා ඔහුගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකා කිව්වා. ඊට පස්සේ ප්‍රින්ස්ව කොළඹ නවලෝක රෝහලට ගෙනාවා වැඩිදුර ප්‍රතිකාර කරන්න. ඒ රෝහලෙත් ප්‍රින්ස් හිටියේ දැඩි සත්කාර ඒකකයේ. මේ වෙන කොට කරපු පරීක්ෂණ අනුව වෛද්‍යවරු නම් කියන්නේ ඔහුගේ මොළයට විෂබීජයක් ඇතුළු වෙලා කියලයි.
තමන්ගේ අම්මාගේ වියෝව දරාගන්න බැරි වුන ප්‍රින්ස් 2014 අවුරුද්දේ ඇතිවුන කම්පනය නිසා ඩුබායි වලදි රෝහල්ගතව ප්‍රතිකාර අරන් තියෙනවා. ඊට පස්සේ ප්‍රින්ස් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදරියකගේ ගෙදරකයි.
කොහොමවුනත් මේ වෙන කොට ප්‍රින්ස් කතාකරන්නෙත් නැහැ වගේම, ඇවිදින්නේ කරන්නෙත් නැහැලු.
ඒ වගේම ප්‍රින්ස්ගේ මේ රෝගී තත්ත්වයට අවශ්‍ය එන්නත් වලට වැඩි මුදලක් වියදම් වෙලා වගේම, තවදුරටත් ඒවාට මුදල් අවශ්‍ය වෙනවා කියලා ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකා කියනවා. ඉතිං ඇය ඉල්ලා සිටින්නේ ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන මේ ආදරණීය ගායකයාගේ රසික රසිකාවියන්ට පුළුවන් නම් උදව්වක් කරන්න කියලයි.
ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට උදව් උපකාර කළ හැකි කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් ඔහුගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාට 0769111838 කතාකරලා වැඩිදුර විස්තර දැනගන්න.
අපේ ප්‍රාර්ථනය ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට හැකි ඉක්මනින් සුවය ලැබෙන්න කියලයි…..
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN