
තරු පාට නිලට දිලිසෙන
ඇස් කථාකරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා
මල් පාර දිගට ඉහිරුණ
රොන් සුවඳ එළා හිත මත
මනමාල කථාවන් කියනවා
හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා
හිත නොහුලන හැම කඳුළම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
රත්තරනේ ඇවිද යමූ දුරදිග සංසාරේ
මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ
තරු පාට නිලට ............
SONG OF "ADARE HITHA PIRENA THARAM" DRAMA - SIRASA FM
Song - "Tharu Pata Nilata Dilisena"
Song - "Tharu Pata Nilata Dilisena"
ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
පද රචනය - සමන් එදිරිමුණි
සංගීතය - දුශාන් ජයතිලක
පද රචනය - සමන් එදිරිමුණි
සංගීතය - දුශාන් ජයතිලක









Post a Comment