DAMA YANNATA-දමා යන්නට

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය - සසර මඟ දකිනා

දමා යන්නට...//

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන - සියලු බැමි සිඳිනා

දමා යන්නට...//








 
Song : Dama Yannata Nohaki Mihimatha
Artist : Somathilaka Jayamaha / සෝමතිලක ජයමහ
Lyrics : Kularatne Ariyawansa / කුලරත්න ආරියවංශ
Music : Rohana Weerasinghe / රෝහණ වීරසිංහ

 
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN