උදුම්බරා හිනැහෙනවා...................

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png  
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif



උදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා////
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහලා
ගිනිගෙන රත්වුණු දවසක්
සැනසෙන එක සැන්දෑවක

මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා

කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරිසල් පිරි උදුම්බරා
සිනා කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා - හඳුනා ගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මක
උපදිනවා ගිනි රස්නය
සීතලෙන් - හඳුනා ගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා කදුළු සලයි
* පද රචනය - ඩබ්ලිව්. ජයසිරි
                                                           * සංගීතය - ප්‍රේමසිරි කේමදාස
                                                           * ගායනය - ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
        * චිත්‍රපටය - “බඹරු ඇවිත්” (1978)
Share this post :

+ comments + 2 comments

January 24, 2016 at 10:36 AM

Lyrics - Dharmasena Pathiraja

February 13, 2017 at 3:36 PM

simply magnonimous and Beautiful...!

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN