ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
කඳුළැලි හා ළත වන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ
කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටත් කොයිබට මා යාවිද
මට නම් නැහැ වැටහෙන්නේ
පලා දෙපළු කළ හදවත දැන්නම්
කාට එකතු කළ හැක්කේ
බලා ගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ
පද රචනය - ස්ටැන්ලි පීරිස්
ගායනය - කීර්ති පැස්කුවල්










Post a Comment