
තරු යායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුණාවේ
හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමු වේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා
යන එන හැම තැන සෙවණැලි විලසේ
කිසි මොහොතක හෝ හෝ හෝ
කිසි මොහොතක හෝ වෙන්නොම වේවා
හැමදාම ළං වී ඉන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා - ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක් ඉත්තක පිපි
මල් යුවළක් වේවා
ඔබ අප අතරට කිසියම් දිනයක
නොපැතු ලෙසකින් හෝ හෝ හෝ
නොපැතු ලෙසකින් මරු ළංවිණි නම්
ඒ මඟ ද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා - ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුණාවේ
හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමු වේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා
යන එන හැම තැන සෙවණැලි විලසේ
කිසි මොහොතක හෝ හෝ හෝ
කිසි මොහොතක හෝ වෙන්නොම වේවා
හැමදාම ළං වී ඉන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා - ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක් ඉත්තක පිපි
මල් යුවළක් වේවා
ඔබ අප අතරට කිසියම් දිනයක
නොපැතු ලෙසකින් හෝ හෝ හෝ
නොපැතු ලෙසකින් මරු ළංවිණි නම්
ඒ මඟ ද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා - ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
ගායනය - ග්රේෂන් ආනන්ද
චිත්රපටය - “බයිසිකලය” (1982)









Post a Comment