වසන්තේ නිදා උන්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රැ වෙළී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ




පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - විශාරද නන්දා මාලිනී
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN