අපේ බත් පිඟාන ............

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif

අපේ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්
අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්
අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්
නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න....

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරන් ගිහින් මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට....

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න
එපා ජාති ආගම් කුලමල තකන්න
හිතමු අළුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වණාපු
මේ රට පෙර රණවිරුවන් ගොඩ නගාපු
බිඳින්න බෑ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනවා රට හදන්න.....

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN